30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්

වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ  මේ වසරේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 11ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
පසුගිය වසරේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 10ක් පමණ සිදු කිරීමට හැකි වූ අතර එමඟින් ඒඩ්ස් රෝගීන් රැසක් හඳුනාගැනීමට හැකි වූ බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියා සිටියේය.
එමෙන්ම බන්ධනාගාර රැඳවියන් එච්.අයි.වී පරීක්ෂණවලට භාජනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනට

Shiran Viraj

ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

Shiran Viraj

අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..

Shiran Viraj