mediahumanrights.lk
News Political

දුප්පතාගේ හිතවතා ශක්තිමත් කරන බව ජනපති කියයි

සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සඳහා ඉදිරියේදී උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා මෙරට දුගී භාවය තුරන් කිරීමට හැකියාව ලැබෙන බවයි.
කුරුණැගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගණයේ පැවති අනූ පස්වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “දුප්පතාගේ හිතවත් මිත්‍රශීලි ජාතික ව්‍යාපාරය ලෙස සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම කියන්නේ අපේ රටේ දුගී භාවය, දුප්පත්කම, නැති බැරිකම තුරන් කිරීම සඳහා මූලික වශයෙන්ම තිබෙන පුළුල් ජාතික ව්‍යාපාරයයි.” යනුවෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…

Shiran Viraj

වැඩ කරමින් සිටියදීම දින ගණන් නින්දට වැටෙන මිනිසුන් සිටින අභිරහස් ගම්මානය

Shiran Viraj

අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..

Shiran Viraj