mediahumanrights.lk
NewsPolitical

දුප්පතාගේ හිතවතා ශක්තිමත් කරන බව ජනපති කියයි

සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සඳහා ඉදිරියේදී උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා මෙරට දුගී භාවය තුරන් කිරීමට හැකියාව ලැබෙන බවයි.
කුරුණැගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගණයේ පැවති අනූ පස්වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ “දුප්පතාගේ හිතවත් මිත්‍රශීලි ජාතික ව්‍යාපාරය ලෙස සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම කියන්නේ අපේ රටේ දුගී භාවය, දුප්පත්කම, නැති බැරිකම තුරන් කිරීම සඳහා මූලික වශයෙන්ම තිබෙන පුළුල් ජාතික ව්‍යාපාරයයි.” යනුවෙනි.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළට

Shiran Viraj

ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයි

Shiran Viraj

පළාත් සභා කිහිපයකින් 20 විසිවීම නිසා සම්මත කරගන්න හැටි ආණ්ඩුව කියයි!

Shiran Viraj
Translate »