mediahumanrights.lk
News Sports Sports News

උණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම උඩුයටිකුරු වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද (02) පැවැත්වෙනවා.
එ් ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදියි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊයේ (01) නිවේදනය කළේ උණ රෝගී තත්වයක් හේතුවෙන් ලසිත් මාලිංග අද තරගයට කී‍්‍රඩා නොකරන බවයි.
මේ අතර කුසල් මෙන්ඩිස්ගේ සහභාගිත්වයද අද තරගය සඳහා අවිනිශ්චිත වී තිබෙනවා.
ඔහුද වෛරස උණ රෝගයකින් පෙළෙන බවයි කි‍්‍රකට් ආයතනය පැවසුවේ. මතුව ඇති මෙම තත්ත්වය සලකා චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල් ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ලසිත් මාලිංග අද තරගයට කී‍්‍රඩා නොකළහොත් එ් වෙනුවට දුෂ්මන්ත චමීරට අවස්ථාවක් හිමිවනු ඇති. අමිල අපොන්සු වෙනුවට ලක්ෂාන් සඳකැන්ද අද තරගයට ක‍්‍රීඩා කරනු ඇතැයි වාර්තා වනවා.
ලක්ෂාන් සඳකැන් පළමු එක්දින තරගයට සහභාගි නොවූයේ ඔහුද වෛරස් උණ රෝගයකට ගොදුරු වීම හේතුවෙන්.
(under the courtesy of nethfm news web)

Related posts

ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

Shiran Viraj

ජන්ද විමසීම සාමකාමිව අවසන් වෙයි : ජන්ද ගණන් කිරිම හෙට

Shiran Viraj

අයවැය ඉහලින්ම සම්මතයි…

Shiran Viraj