27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් බංග්ලාදේශයේදී දූෂණය කළ නරුමයා අල්ලයි

බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට පළවන ‘ද ඩේලි ස්ටාර් ‘ පුවත්පත් වෙබ් අඩවිය මේ බව සඳහන් කරනවා. මෙම සිදුවීම බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේදී සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ චිතගොං හි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටි ලාංකික ශිෂ්‍යාවක්.
අදාළ තරුණිය විසින් බංග්ලාදේශ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඇයව දූෂණය කළා යැයි කියන බංග්ලාදේශ තරුණයාද මේවන විට එරට පොලිස් බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන්.
දූෂණයට ලක්වූ ලාංකික තරුණිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අලෙවි විධායකවරයෙකු වන මෙම තරුණයා දින දහයකට පෙර එනම් ඉකුත් 11 වැනිදා ජංගම දුරකථන මාර්ගයෙන් තමන් සමඟ මිතුරු වූ බවත් පසුව කතා බස් කළ බවයි.
එම හැඳුනුම්කම් මත ඔහු හමුවන්නට ගිය අවස්ථාවකදී මෙම දූෂණය සිදුව තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයි

Shiran Viraj

ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…

Shiran Viraj

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Shiran Viraj
Translate »