27 C
Colombo
2026-10-22
mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු නසන අලුත් මදුරුවා වැඩ අරඹයි

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගැණෙන නව මදුරු විශේෂයේ එක් මදුරුවෙකුට ඩෙංගු කීටයන් 400කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
දැනටමත් එම මදුරු විශේෂයේ පර්යේෂණ මට්ටමේ කටයුතු සාධනීය බවයි එහි පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ පැවසුවේ.
මෙම මදුරුවා කුමණ අවස්ථාවකදීවත් මිනිසුන්ට දෂ්ඨ නොකරන අතර මල්පැණි මෙම මදුරුවාගේ ආහාරය වනු ඇති බවත් සඳහන් කෙරුණා. ඒ අනුව මෙම මදුරුවා ඔවුන්ගේ ජීවිත කාලය පුරා ඉතා කාර්යක්ෂමව ඩෙංගු කීටයන් විනාශ කරනු ඇති බවයි සඳහන් කෙරුණේ.
මෙම මදුරු විශේෂය දැනටමත් විවිධ ප‍්‍රදේශවලට මුදා හැර ඇති බව ද ඒ අනුව එහි නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද ප‍්‍රකාශ කෙරුණා.
මෙම මදුරු විශේෂය ඩෙංගු කීටයින් විනාශ කිරීම සඳහා යොදා ගැණුන ද ඩෙංගු කීට ගහණය අවම කර ගැනීම සඳහා විධිමත් ලෙස කසල බැහැර කිරීම වැදගත් බව ද පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මෙහි දී සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Shiran Viraj

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Shiran Viraj

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

Shiran Viraj
Translate »