27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු නසන අලුත් මදුරුවා වැඩ අරඹයි

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගැණෙන නව මදුරු විශේෂයේ එක් මදුරුවෙකුට ඩෙංගු කීටයන් 400කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.
දැනටමත් එම මදුරු විශේෂයේ පර්යේෂණ මට්ටමේ කටයුතු සාධනීය බවයි එහි පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ පැවසුවේ.
මෙම මදුරුවා කුමණ අවස්ථාවකදීවත් මිනිසුන්ට දෂ්ඨ නොකරන අතර මල්පැණි මෙම මදුරුවාගේ ආහාරය වනු ඇති බවත් සඳහන් කෙරුණා. ඒ අනුව මෙම මදුරුවා ඔවුන්ගේ ජීවිත කාලය පුරා ඉතා කාර්යක්ෂමව ඩෙංගු කීටයන් විනාශ කරනු ඇති බවයි සඳහන් කෙරුණේ.
මෙම මදුරු විශේෂය දැනටමත් විවිධ ප‍්‍රදේශවලට මුදා හැර ඇති බව ද ඒ අනුව එහි නිරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද ප‍්‍රකාශ කෙරුණා.
මෙම මදුරු විශේෂය ඩෙංගු කීටයින් විනාශ කිරීම සඳහා යොදා ගැණුන ද ඩෙංගු කීට ගහණය අවම කර ගැනීම සඳහා විධිමත් ලෙස කසල බැහැර කිරීම වැදගත් බව ද පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මෙහි දී සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්

Shiran Viraj

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Shiran Viraj

හෙඩ්ලයින් හොඳයි ප්‍රතිඵලය භයානකයි

Shiran Viraj
Translate »