mediahumanrights.lk
Local NewsNews

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

රුපියල් ලක්ෂ 21කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ ඉගුරුකඩේ මංසන්ධියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විදානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පෑලියගොඩ පොලීසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් සතුව තිබී හෂීස් නමැති මත්කුඩු කිලෝග්‍රෑම් තුනක් සොයාගෙන තිබේ.
සැකකරුවන් යතුරුපැදියකින්  අදාළ මත්ද්‍රව්‍ය  තොගය ප්‍රවාහනය කරමින් තිබු බව නාවික හමුදාව සඳහන් කළේය.
පෑලියගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Shiran Viraj

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

Shiran Viraj

SLPL පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..

Shiran Viraj
Translate »