2026-07-03
mediahumanrights.lk
Local NewsNews

මෙරට ප‍්‍රබලයෙකුගේ කෝටි 35ක විදෙස් ගිණුමක් හමුවෙයි

විදේශීය බැංකු ගිණුමක ඇමරිකා ඩොලර් මිලියන 22ක් එනම් රුපියල් කෝයි 35ක පමණ මුදලක් තැන්පත් කර ඇති මෙරට පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරු ඇතැයි දුෂණ විරෝදී හඬ සංවිධානය සදහන් කරයි.
චීන සමාගමක අධ්‍යක්‍ෂවරයෙකු හා මෙරට එම පුද්ගලයා විසින් බැංකු ගිණුම පවත්වාගෙන යන්නේ බි‍්‍රතාන්‍යයට අයත් කැරිබියන් දුපත්වල සමාගමක් යටතේ බව සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි.
එම ගිණුම හිමි මෙරට පුද්ගලයා රාජපක්‍ෂ පවුලේ හිතවතෙකු බවත් 2015 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා මුණු ගැසීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයට ගිය අයෙක් බවත් ඔහු කියා සිටී.
දැනට එම ගිණුමේ ශේෂය ලෙස පවතින්නේ ඩොලර් මිලියන 22ක් බවත් කී ඔහු ඉදිරියේදී මෙම සියළු තොරතුරු රට හමුවේ හෙලි කිරීමට සූදානම් බවද ඔහු පැවසයී.

(under the courtesy of lankacnews.com news web)

Related posts

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

Shiran Viraj

මිනිස් සිරුර ගැන ඔබ නොදත් පුදුමාකාර තොරතුරු

Shiran Viraj

රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..

Shiran Viraj
Translate »