28.2 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට

බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු පැවසුවේ සිරගතව සිටින බන්ධනාගාර රැදවියන් සම්භාණ්ඩ, ඇසුරුම් සහ තෝරාගත් නිෂ්පාදන කෙෂ්ත්‍ර සදහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ සදහා අවශ්‍ය පුහුණුව පෞද්ගලික අංශයේ තෝරාගත් ආයතනවලින් ලබාදීමට නියමිතයි.
පුහුණුවෙන් පසු එම රැදවියන් අදාළ ආයතනවලට අවශ්‍ය නිෂ්පාදන සිදුකෙරෙනු ඇති.
ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය එම ආයතනවලින් සැපයෙනවා.
ඊට අදාළ ගෙවීම් පෞද්ගලික ආයතන විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු අතර එම මුදල සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාදිය යුතු වනවා.
අදාළ අවසරය සහ රැදවියන්ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවිය යුතු මුදල පිළිබද තීරණයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද සිදුකර ඇතැයි සදහන්.
එම අනුමැතිය ලැබුණු පසු මුල් අදියර ලෙස වැලිකඩ බන්ධනාගාරයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.
(under the courtesy of nethfm news web)

Related posts

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

Shiran Viraj

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Shiran Viraj

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

Shiran Viraj
Translate »