26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආපදා අරමුදලට වැටුප් පරිත්‍යාග කිරීම – ආණ්ඩු පක‍ෂයෙන් 13 යි

පසුගියදා ඇති වූ ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආණ්ඩු පක‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කරන බවට ප්‍රකාශ වුවද මේ දක්වා සිය මාසික වැටුප පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර ඇත්තේ දහතුන්දෙනෙකු පමණක් බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ඒ අතරින් කතානායක කරූ ජයසූරිය මහතා සිය මැයි මස වැටුප සහ දීමනා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ අරමුදල වෙත බැරකර තිබෙනවා.
රුපියල් දෙලක‍ෂ හැත්තෑ දෙදහස් හත්සිය අසූ දෙකයි ශත විස්සක් වන එම මුදල අදාළ අරමුදලට බැරකළ බවට වන ලිපියක්ද කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මීට අමතරව එස් එම් මරික්කාර් සහ ලකි ජයවර්ධන යන මන්තී්‍රවරුන් දෙදෙනා රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව පරිත්‍යාග කිරීමට එකග වී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල් රුපියල් ලක‍ෂයක් වන කාර්යාල දීමනාව පරිත්‍යාග කිරීමට එකගතාව පළ කර තිබෙනවා.
ලක‍ෂ්මන් සෙනෙවිරත්න, ලක‍ෂ්මන් වසන්ත පෙරේරා, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ටි.බී. ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක, දුලිප් විෙජ්සේකර, ලසන්ත අලගියවන්න සහ නිමල් ලන්සා යන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ලිපි මගින් දන්වා ඇත්තේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිමනාව ජුනි මස වැටුපෙන් අඩුකර ගන්නා ලෙසයි.
කෙසේවෙතත් අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව හිමිවන්නේ නැහැ.
ඒ අනුව අදාළ අමාත්‍යවරුන් අඩුකර ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ කවර දීමනාවක් දැයි පැහැදිලි කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්තු නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණද සිය මන්ත්‍රී වැටුප ආපදා සහන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කළා.
ඔවුන් රතු තරුව වැඩසටහන ක්‍රියාත්මක කරමින් ආපදා ඇති වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට ඉකුත් දිනවලදී කටයුතු යොදා තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

අත්‍යවශ්‍ය කරුණකට පමණක් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන්න

Shiran Viraj

තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයා

Shiran Viraj

සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමති

Shiran Viraj
Translate »