mediahumanrights.lk
NewsSportsSports News

පාකිස්ථානු ක්‍රීඩක අෆ්රිඩි රූපවාහිනී වැඩසටහනකදී ලැජ්ජාවට පත් වූ හැටි -Video

පකිස්ථාන කණ්ඩායමේ හිටපු නායකයෙක් වන දඟපන්දු යවන ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩි ක්‍රිකට් ක්‍රීඩාවේ නොදැන සිටි විශේෂ කරුණක් සම්බන්ධයෙන් පසුගියදා අනාවරණය වී තිබෙනවා.
පාකිස්ථාන රූපවාහිනී නාළිකාවක සජීවී වැඩසටහනක් අතර තුර මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වැඩසටහන ඉදිරිපත් කරන නිවේදකයා විසින් අෆ්රිඩිගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති LBW යනු කුමක්දැයි විමසා සිටිනවා.
එහිදී ෂයිඩ් අෆ්රිඩි LBW යන්නෙහි තේරුම තමන් නොදන්නා බව පවසා සිටින අතර LBW යනු  Leg before wicket යන්න නිවේදකයා විසින් ඔහුට පහදාදෙනු ලබනවා.
කෙසේ වෙතත් එම අවස්ථවේදී අදාල නිවේදකයන් දෙදෙනා පුදුමයට පත්වන අතර අවසානයේදී, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ඔබ දන්නවද ? යන්නෙන්  එහිදී ඔවුන් අෆ්රිඩිගෙන් විමසා සිටිනවා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අෆ්රිඩි කිසිදු පිළිතුරක් ලබා දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වසර 20ක පමණ කාලයක් පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 27කදී කඩුලු 48ක්  එක්දින තරඟ 398කදී කඩුලු 395ක් සහ විස්සයි විස්ස තරඟ 98කදී කඩුලු 97ක් අෆ්රිඩි විසින් බිද දමා තිබෙනවා.
වීඩියෝ පහතින්…
(under the courtesy of hirunews news web)

Related posts

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Shiran Viraj

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

Shiran Viraj

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

Shiran Viraj
Translate »