2026-11-01
mediahumanrights.lk
Local NewsNews

නාකොටික් නිලධාරීන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකරු අල්ලයි

පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මැදිරිගිරිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන විශේෂ අපරාධ ඒකකය විසින්. වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පදවන ලද පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම සහ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10ක් ද සොයා ගැණුනා. විසිහත් හැවිරිදි මෙම සැකකරු දර්ගා නගරය මීගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

දෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..

Shiran Viraj

ප‍්‍රබල ඇමති ධුර තුනක් ජනපති යටතට..

Shiran Viraj

JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රි

Shiran Viraj
Translate »