28.9 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

නාකොටික් නිලධාරීන්ට වෙඩි තැබූ ප්‍රධාන සැකරු අල්ලයි

පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මැදිරිගිරිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිරිහාන විශේෂ අපරාධ ඒකකය විසින්. වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පදවන ලද පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම සහ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10ක් ද සොයා ගැණුනා. විසිහත් හැවිරිදි මෙම සැකකරු දර්ගා නගරය මීගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

වෛද්‍ය ශිෂ්‍යයෙකු සුදුවෑන් කල්ලියකින් පැහැර ගැනීමේ තැත වරදී

Shiran Viraj

කැබිනට් රැස්වීමට දුරකතන ගෙනඒම ජනපති තහනම් කරයි

Shiran Viraj

කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපා

Shiran Viraj
Translate »