26.1 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

විග්නේෂ්වරන්ට එරෙහිව 38 න් 21 ක් විශ්වාසභංගයක් භාර දෙයි

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා.
පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ වෙත ඊයේ (14) රාත‍්‍රියේ මෙම විශ්වාසභංග යෝජනාව භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උතුරු පළාත් සභා අමාත්‍යවරුන්ගේ වංචා, දූෂණ සෙවීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට හා කෘෂිකර්ම අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා ඊයේ නියෝග කර තිබුණා.
එමෙන්ම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ධීවර අමාත්‍යවරයාට මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසටයි ප‍්‍රධාන අමාත්‍යවරයා උපදෙස් දී තිබුණේ.
අමාත්‍යවරුන් 21 දෙනෙකු එක්ව ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහිව මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවයි.
ඒ අනුව උතුරු පළාතේ මීළග ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස පළාත් සභාවේ වත්මන් සභාපති සී වී කේ සිවඥාණම් පත් කරන ලෙසද අදාළ මන්ත‍්‍රී කණ්ඩායම ආණ්ඩුකාරවරයා වෙත යෝජනා කර තිබෙනවා.  උතුරු පළාත් සභාවේ සිටින සමස්ත මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 38ක්.
(under the courtesy of nethfm news web)

Related posts

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි

Shiran Viraj

අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති

Shiran Viraj

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

Shiran Viraj
Translate »