mediahumanrights.lk
International NewsNews

ලොව පුරා තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි – රටවල් රැසක් අන්දමන්ද වෙලා

ලොවපුරා ප‍්‍රධාන සමාගම් රැසක් ඉලක්ක කර තවත් දරුණු සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය පසුගිය මාසයේ කප්පම් ලබාගනිමින් එල්ල වූ සයිබර් ප‍්‍රහාරයට සමාන බවයි.අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, යුක්රේනය, රුසියාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ ප‍්‍රංශය යන රටවල සමාගම් රැසක පරිගණක පද්ධතිවලට සයිබර් ප‍්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවද සඳහන්.යුක්රේනයේ රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන් තොටුපොල, යුක්රේන මහබැංකුව, ඇන්ටනෝව් ගුවන් යානා නිෂ්පාදන සමාගම, රුසියානු තෙල් සමාගම හා ඩෙන්මාර්ක් නාවික සමාගමද එම සමාගම් අතරට අයත්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සයිබර් ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ කුමන රටකින් දැයි හෝ කුමන පුද්ගල කණ්ඩායමකින් දැයි හෝ මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. ප‍්‍රහාරයෙන් වින්ඩොස් පරිගණක පද්ධතිවල කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් සද්ධන්තයෙක් යකඩ යකාගේ ගැටෙයි

Shiran Viraj

ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යාමේ ප්‍රවණතාවයක්

Shiran Viraj

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Shiran Viraj
Translate »