28.2 C
Colombo
2026-10-15
mediahumanrights.lk
Local NewsNews

මහ ඇමති විග්නේෂ්වරන්ට සහය පළ කරමින් අද උතුරේ හර්තාල්

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉදිරිපත් කළ විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලකරමින් අද උතුර පළාතේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එය සංවිධාන කර ඇත්තේ උතුර ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිහිටවනු ලැබූ දෙමළ ජාතික සභාව විසින්.
මේ අතර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට සහය පළ කරමින් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ වෙත ඊයේ භාරදෙනු ලැබුවා.
එමෙන්ම පෙරේදා මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වෙත භාර දී තිබුණේ මහ ඇමතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින්.
එහිදී පළාත් සභාවේ බහුතර කැමැත්ත ඔප්පු කර පෙන්වන ලෙස උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට ලිඛිතව දැනුම් දෙන බව පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ ප්‍රකාශ කළා.
දුෂණ චෝදනා මත උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එම ධුරවලින් ඉවත් වන ලෙස දැන්වීම සහ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා මසක අනිවාර්ය නිවාඩු ගැන්වීමට  ප්‍රධාන අමාත්‍යවරයා ගත් තීරණය මෙම ගැටලූවේ ආරම්භයයි.
(under the courtesy of hirunews news web)

Related posts

කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂ

Shiran Viraj

අපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්

Shiran Viraj

ගුවන් යානා සහ සරුංගල් අතර ගැටුමක්: ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ අසල අර්බුදයක්

Shiran Viraj
Translate »