27.5 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

ජුලි මස සිට සියලු ගැහැණු ළමයිට අලුත් එන්නතක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛණ මගින් තහවුරු වී තිබෙනවා.
ලෝකය පුරා ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ මුලික ක්‍රමවේදයන් දෙකක් ක්‍රියාත්මක කෙරෙනවා. ගැබ්ගෙල පිළිකා මුලික අවස්ථාවේ හඳුනා ගැනීමේ පරීක්ෂණය සහ ගැබ්ගෙල පිළිකා ඇතිවීමට හේතුකාරක වන හියුමන් පැපිලෝමා වෛරස ආසාදන වළක්වන HPV එන්නත හඳුන්වාදීම එම ක්‍රමවේදයන් දෙකයි.
මෙයින් ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ ක්‍රමවේදයක් වන පැප් පරීක්ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාව තුල සුවනාරි සායන මගින් අවුරුදූ 35 ඉක්ම වූ කාන්තාවන් සදහා සිදූ කර ගැනීමට පහසුකම් සපයා තිබෙනවා.
ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත වන HPV එන්නත 2017 ජුලි මස සිට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන තුලින් ලබාදීමට නියමිතයි.
මෙය හඳුන්වා දෙනු ලබන්නේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සඳහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙසයි.
මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදීම තුළින් අනාගතයේ දී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයි

Shiran Viraj

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Shiran Viraj

කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කර‍යි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්

Shiran Viraj
Translate »