2026-09-05
mediahumanrights.lk
Local NewsNews

විනීත රියැදුරන්ට පොලිසියෙන් තෑගී!

කොළඹ නගරයට පිවිසෙන විනීත රියැදුරන් තෝරා ඔවුන් දිරිමත් කිරීමේ වැඩසටහනක් හෙට (18) සිට කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් හෙට(18) සිට කොළඹ නගරයට පිවිසෙන විනීත රියදුරන් පරීක්ෂාවට ලක්කරන බවයි.
මෙහිදී ඇගයීමට ලක්වන රියදුරන් ඉදිරියේ දී ප්‍රසංසාවට ලක්කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
මෙසේ ප්‍රසංසාවට ලක්වන රියදුරන්ට හඳුනාගැනීමේ ස්ටීකරයක් ලබාදෙන අතර ත්‍යාග වවුචර ලබාදීමට ද කටයුතු කරන බව පොලිසිය කියා සිටියා.
මෙමගින් රථ වාහන අනතුරු අවම කරගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ.
මෙම වැඩසටහනේ පළමු අදියර මහනුවර නගරය ආශ්‍රිතව සිදු කෙරුණු අතර එය සාර්ථකව සිදුවූ බවද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…

Shiran Viraj

වැසි ජලය සංරක්ෂණය කෙරේ

Shiran Viraj

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Shiran Viraj
Translate »