31.7 C
Colombo
2026-07-08
mediahumanrights.lk
International NewsNews

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර සිටිනවා.

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.

නිෂ්පාදනය කළ එම එන්නත රටේ සෞඛ්‍ය අංශ නිලධාරින් සහ වැඩිහිටියන් හට පළමුව ලබා දීමට අදහස් කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලබන ඔක්තෝම්බර් මාසය වන විට රටපුරා එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියා කරන බවයි. ඒ සඳහා වන සියලුම වියදම් රුසියානු රජය දරන බවයි ජේෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ නිවේදනය කර සිටියේ.

මෙම එන්නතේ පළමු සායනික පරික්ෂාව ඉකුත් ජුනි මස 18 වෙනිදා මොස්කව් සෙකෙනොව් විශ්ව විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඒ සඳහා ස්වෙච්ජාවෙන් පුද්ගලයින් 38 දෙනෙකු එක්වූ අතර ඔවුන් සියලු දෙනාම වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කළ බවයි රුසියානු බලධාරින් සඳහන් කරන්නේ.

කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට රුසියාව සමත්වීම සම්බන්ධයෙන් ලොව බටහිර රටවල් පුදුමයට පත්ව ඇති බවත්, රුසියාව ගතවු 20 වසරක කාලයේදී වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ අධ්‍යනයක නිරතවීම නිසා මෙහිදී වඩා පහසුවක් ඇතිවූ බව ජේෂ්ඨ විද්‍යාඥයෙකු වන වඩීම් ටාරසෝව් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

Shiran Viraj

දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?

Shiran Viraj

කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…

Shiran Viraj
Translate »