2026-09-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

රැකියා විරහිත උපාධිධාරීන් වෙත රජයේ රැකියා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වූ බව උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය සදහන් කළේ පසුගියදා යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුරදී සිය ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ලබාදීමෙන් පසු මෙලෙස එකගතාව පළ කළ බවයි.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපාධිධාරීන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් එළඹෙන ජූලි මාසයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවට ප්‍රකාශ කළ බව සදහන්.
තමන්ට රජයේ රැකියා ලබාදෙන ලෙස ඉල්ලා උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් ආරම්භ කළ උපවාසයට අදට දින 108 ක් වනවා.
ඔවුන් මෙලෙස උපවාසයේ නිරත වන්නේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි.
මීට පෙරද තමන්ට රජයේ ස්ථීර රැකියා ලබාදෙන ලෙසට ඉල්ලීම් කළද ඊට විසදුම් නොලැබුණු බවද එම සංගමය වැඩිදුරටත් සදහන් කළා.

(under the courtesy of adaderana news web)

Related posts

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

Shiran Viraj

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

Shiran Viraj

මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

Shiran Viraj
Translate »