2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

සිරකරුවන් නොමැති රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයි

සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා  පෙන්වා දෙන්නේ බන්ධනාගාර ගතවූවන් පිළිබඳව මානුෂීයව අවධානය යොමු කරමින් ඔවුන් එම තත්ත්වයට පත්වීමට හේතු වූ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි.
ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට වසර සියයක් සැපිරීම නිමිත්තෙන් ඊයේ(13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ දඩ මුදල් ගෙවාගත නොහැකි වීම නිසා බන්ධනාගාර ගත වන රැඳවූවන් වෙනුවෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹීමට අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරන බවයි.
රැඳවූවන්ගෙන් සියයට 43යි දශම 7ක්ම සුළු වැරදි සඳහා දඩ මුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගතවූවන් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම බන්ධනාගාර ගතවූ පුද්ගලයන්ගෙන් සියයට 46 යි දශම 4ක් මත්ද්‍රව්‍ය වැරදිවලට ලක්වූවන් වන අතර එම අගය ඉහළයාමෙන් පෙනී යන්නේ මත්ද්‍රව්‍යවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම කාර්යක්ෂම වී ඇති ආකාරය බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

Shiran Viraj

මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්

Shiran Viraj

හඳුනාගත් සිසුන් වෙනුවෙන් සරසවි යන්න අවස්ථා 04 ක්

Shiran Viraj
Translate »