2026-09-07
mediahumanrights.lk
Local NewsNews

සැකකරුවෙකුට වද හිංසා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම වෙයි

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු අයුතු ලෙස රඳවා ගැනීම සඳහ වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට අද බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම කෙරුණා.
ඒ පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු කුසලා වීරවර්ධන විසින්.
මෙලෙස දඩුවම් නියම කෙරුනේ පානදුර පොලිසියේ ක්ෂණික විහිදුම් පොලිස් ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකුටයි.
2007 වසරේ ජූනි සහ ජූලි මාසය අතර දී කළුතර කළුමුල්ල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ගිණි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට අදාළව මෙම නඩුව පවරා තිබුණා.
ඒ අනූව වරදකරුවන් වූ විත්තිකරුවන්ට පළමු චෝදනාවට අවුරුදු 07 බැගින් සහ රුපියල් 1500 බැගින් දඩයක් නියම කෙරුණු අතර දෙවන චෝදනාවට මාස 06 බැගින් සිර දඩුවම් සහ රුපියල් දහස බැගින් දඩ නියම කෙරුණා.

(under the courtesy of nethfm news web)

Related posts

වී ගොවියන්ට සාධාරණ මිලක් සහතික කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට ඇප ණය ක්‍රමයක්

Shiran Viraj

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

Shiran Viraj

හේලීස් – සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුව සම්පූර්ණයි. වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

Shiran Viraj
Translate »