26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මාධ්‍යවේදීන්ට පහරදුන් පියුමිගේ කොල්ලෝ භාරවෙති – අද පෙරට්ටුවට

පසුගිය 15දා කිරිබත්ගොඩ හෝටලයකදී  අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි සමඟ පැමිණි ඇයගේ පෙම්වතා බව කියන තරුණයා ඇතුළු පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසු අදාළ සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ කරද්දී ඒ සම්බන්ධ සැකකරුවන් සිවුදෙනා පෙරේදා 19දා කිරිබත්ගොඩ පොලිසියට ඉදිරිපත් වී භාරවී ඇත. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන බව කිරිබත්ගොඩ පොලිසිය පවසා තිබේ.

පොලිසියට ඉදිරිපත් වූ මෙම සිවුදෙනා රාගම, කැලණිය සහ ගෝනවල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට තහවුරු වී ඇත.
ඔවුන් එක්දරු මවක වන පියුමි හංසමාලී සමග රාත්‍රී 11 ට පමණ කිරිබත්ගොඩ අවන්හලට පැමිණ සිටි අවස්ථාවක මාධ්‍යවේදියෙකු කිසියම් විහිළුවක් කළේ යයි උරණවී ඇය සමග සිටි අය මාධ්‍ය පිරිස සමග ගැටුමට මුලපුරන ලදි. එහිදී සිව්දෙනෙකු තුවාල ලද අතර එක් මාධ්‍යවේදියෙකුගේ දත් කැඩී ඇසක් ගිලාබැස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නට සිදුවිය.
පියුමි හංසමාලිගේ සැමියා මාලදිවයිනේ වාසය කරන අතර ඔහු ඇයව අතැරදමා යාමෙන් පසු ඇය දරුවාද වෙන අයට බලාගන්න කියා කලින් කලට විවිධ පිරිමි කණ්ඩායම් සමග හැසිරෙන්නියක බව සමාජ ජාල වාර්තාවල සටහන් වේ.
(under the courtesy of gossiplanka news web)

Related posts

රෝයිට මෙහෙම නම් අනෙක් අයට?

Shiran Viraj

බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයි

Shiran Viraj

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »