27.2 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

සහල් අර්බුදය උග්‍ර අතට – වී මෝල් දහසක් වැසේ

සහල් ගැටළුව මේ වනවිට උග්‍ර වී තිබෙනවා. වෙළඳ පොලේ සහල් හිගයක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බවයි සහල් නිෂ්පාදකයින් පවසන්නේ.
වෙළඳපලේ මතුව ඇති සහල් ගැටළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් කළා.
මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී කේ. රංජිත් ප්‍රකාශ කළේ සහල් ආනයනය කර හෝ තත්ත්වය පාලනය කළ යුතු බවයි.
සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ කිසි ලෙසකින්වත් සහල් ආනයනය කිරීමක් සිදු නොකළ යුතු බවයි.
එහෙත් මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී කේ. රංජිත් කියා සිටියේ තත්ත්වය පාලනය නොකළහොත් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවකට පත්වනු ඇති බවයි.
සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සහල් මාෆියාව වහාම නතර කිරීම තත්ත්වය පාලනය කිරීමට ඇති හොඳම විසදුම බවයි.
මේ අතර සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ පවතින තත්ත්වය හේතුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ගැටළු රැසකට මුහුණපා ඇති බවයි.
එසේ නොවුනහොත් ඉදිරියේදී සහල් මිල අඩු වීමක් අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු කියා සිටියේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට ද පියවර ගන්නා බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඔබේ සිත් සොරා ගත් ආදර මධු

Shiran Viraj

සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකට

Shiran Viraj

මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්

Shiran Viraj
Translate »