2026-07-04
mediahumanrights.lk
Local NewsNews

සයිටම් සටන ඉවරද? නැද්ද?- තීරණය කියන්න සංගමය සැරසෙයි

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඊයේ (25) ප‍්‍රකාශයට පත් කළ එකඟතාවලට එකඟ විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද (26) උදෑසන රැස් වුණා. පස්වරුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක දී එහි තීරණ ප‍්‍රකාශයට පත්කිරීමටයි නියමිතව ඇත්තේ.
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ඉකුත් දා පැවති විරෝධතාවයට සම්බන්ධ සරසව් සිසුන්ට පොලිසිය විසින් පහරදුන් බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත්දා අඛණ්ඩ වැඩ වර්ජනයක් ද ආරම්භ කළා. එය අවසන් කෙරුණේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එම සාකච්ඡාවේ එකඟතා රජය මගින් ප‍්‍රකාශයට පත් කරනු ඇති බවත් ඊට එකග නොවන්නේ නම් යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
මේ වන විට සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ඊයේ ප‍්‍රකාශයට පත් කළ කරුණු සම්බන්ධයෙන් එකග විය නොහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේ රජයේ මෙම ස්ථාවරය සයිටම් විරෝධි කිසිදු පාර්ශවයක් අපේක්ෂා කළ විසඳුම් නොවන බවයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඊයේ ඉදිරිපත් කළ ස්ථාවරයට විරෝධය පල කරන තවත් කණ්ඩායමක් වන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි.
(under the courtesy of nethfm news web)

Related posts

දකුණු අප්‍රිකාවට යන ගමනේ දීත් සූමා ශ්‍රී ලංකාවට

Shiran Viraj

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Shiran Viraj

GSP ඉක්මන් සහනය ධීවර ජනතාවට

Shiran Viraj
Translate »