27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

බෞද්ධයන් නැති ගමේ බුද්ධ මන්දිරය රකින ඉස්ලාම් බැතිමතා – Photos

අද සමාජයේ ජාති ආගම් කුල ගැන හුඟක් කතා වෙනවා.
සමහරු මේ නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. තවත් සමහරු ගහමරා ගන්නවා.
ඒත් අපි කවුරුත් කිනම් හෝ ආගමක් වේවා අනිත් ආගම්වලට ගරු කරන්න ඕනේ.
ඒ විදිහේ අපූරු කතාවක් ගැන අපිට මුතූර් පැත්තෙන් අහන්න ලැබුණා.
මුතූර් කියන්නේ ඉස්ලාම් භක්තියක් රැසක් ජීවත්වෙන ප්‍රදේශයක්.
එහි 59 වැනි කලාපයේ කිසිදු බෞද්ධයෙක් වාසය කරන්නේ නැහැ.
ඒත් මීට කාලයකට කළින් හමුදාව විසින් ඉදිකරපු බුද්ධ මන්දිරයක් පවත්වාගෙන යන්නේ ඉස්ලාම් භක්තිකයෙක් විසින් කිව්වොත් ඔබ පුදුම වේවි.
යුද සමයේ යුද හමුදාව විසින් එල්.ටී.ටී.ය. මෙම ප්‍රදේශයෙන් පලවා හැරිය පසු ඔවුන් විසින් මෙම බුද්ධ මන්දිරය ඉදිකර තිබුණා.
පසුව යුද්ධය අවසන් කර යුද හමුදාව එම ප්‍රදේශයෙන් ඉවත්ව යන මොහොතේදී මෙම බුද්ධ මන්දිරයද රැගෙන යාමට යුද හමුදාව සූදානම් වුවද මෙම ඉඩමේ හිමිකරු වූ මොහොමඩ් ස්මයිල් මහතා බුදු මැදුර ඉවත් නොකරන ලෙස ඉල්ලා තිබුණා.
ඒ අනුව මෙම බුදු මැදුර පිරිසිදු කර සියලු සත්කාර කරනු ලබන්නේ මෙහොමඩ් ස්මයිල් මහතා හා ඔහුගේ පවුලේ අය විසින්.
කිසිදු බෞද්ධයෙකු නොමැති මෙම ප්‍රදේශයේ ඔහු විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාව සුවිශේෂී කටයුත්තක්.
මූතූර් හරහා ගමන් කරන සියලු සංචාරකයින් හා බෞද්ධයින් මෙම හුදකලා බුදුමැදුර අසල මදක් නැවතී වැදුම් ලබා ගමන් කරන බවයි අපට වාර්තා වුණේ.
(under the courtesy of adaderana news web)

Related posts

බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්

Shiran Viraj

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..

Shiran Viraj

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Shiran Viraj
Translate »