mediahumanrights.lk
Local News News Political

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම්ට හා උතුරු පළාත් ප‍්‍රවාහන අමාත්‍ය පී. ඩෙනිෂ්වරන්ට එරෙහි වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්. කමිටුවට පුද්ගලයින් සිව් දෙනෙකු ඇතුළත්.
මීට පෙර ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ද පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ විමර්ශනයට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. එහි වාර්තාවට අනුව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා හා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු වුණා. ඒ අනුව ඔවුන්ට තනතුරුවලින් ඉවත් වන ලෙසටයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා නියෝග කළේ.
එහෙත් එම කමිටු වාර්තාවට අනුව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට හා පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු වූයේ නැහැ. ඔවුන් දෙදෙනා  වංචා සහ දූෂණවලට සම්බන්ධ බවටයි ජනතාව චෝදනා කර ඇත්තේ. සී වී විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට හේතුවූයේ ද ඔහු විසින් මෙම අමාත්‍යවරුන් දෙදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කිරීමත් සමගයි.
ඔවුන්ට එරෙහි චෝදනා නැවත විමර්ශනයට පත් කළ සිව් පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මීට පෙර කමිටුවේ සභාපතීත්වය දැරූ විශ‍්‍රාමික විනිසුරු එස්. ත්‍යාගේන්ද්‍රන්. අදාළ වාර්තාව මසක් ඇතුළත ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත ලබාදෙනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

Shiran Viraj

"මේකේ අවසානය තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ" – ඇමති අමරවීර ගෝඨා අත්අඩංගුවට ගැනීමේ කතාව ගැන කතා කරයි (VIDEO)

Shiran Viraj

ඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්

Shiran Viraj