mediahumanrights.lk
Local News News Political

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම්ට හා උතුරු පළාත් ප‍්‍රවාහන අමාත්‍ය පී. ඩෙනිෂ්වරන්ට එරෙහි වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් විසින්. කමිටුවට පුද්ගලයින් සිව් දෙනෙකු ඇතුළත්.
මීට පෙර ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ද පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ විමර්ශනයට ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. එහි වාර්තාවට අනුව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා හා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු වුණා. ඒ අනුව ඔවුන්ට තනතුරුවලින් ඉවත් වන ලෙසටයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා නියෝග කළේ.
එහෙත් එම කමිටු වාර්තාවට අනුව පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට හා පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු වූයේ නැහැ. ඔවුන් දෙදෙනා  වංචා සහ දූෂණවලට සම්බන්ධ බවටයි ජනතාව චෝදනා කර ඇත්තේ. සී වී විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට හේතුවූයේ ද ඔහු විසින් මෙම අමාත්‍යවරුන් දෙදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කිරීමත් සමගයි.
ඔවුන්ට එරෙහි චෝදනා නැවත විමර්ශනයට පත් කළ සිව් පුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මීට පෙර කමිටුවේ සභාපතීත්වය දැරූ විශ‍්‍රාමික විනිසුරු එස්. ත්‍යාගේන්ද්‍රන්. අදාළ වාර්තාව මසක් ඇතුළත ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත ලබාදෙනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

Shiran Viraj

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

Shiran Viraj

විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයි

Shiran Viraj