2026-08-20
mediahumanrights.lk
Local NewsNews

වලසෙකුගේ ප්‍රහාරයකට ලක්වු තරුණයෙක් රෝහලට

මහවිලච්චිය ප්‍රදේශයේ කැලෑවකදී පැටවුන් සමග සිටි වැලහින්නකගේ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු තරුණයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ පලු කැඩීමට ගිය තරුණයෙකුට පලු කෑමට පැටවුන් දෙදෙනෙකු පැමිණ සිටි වැලහින්නක පහරදී ඇති බවයි.
වලසාගේ සපාකෑම සහ නියවලින් තරුණයාගේ හිසට / අත්පාවලට / උදරයට සහ පිට ප්‍රදේශයට තුවාල සිදුව ඇතැයි සඳහන්.
මේ හේතුවෙන් ඔහු ශල්‍යකර්මයකට ද ලක්කර තිබෙනවා.
මෙම තරුණයා තවත් තරුණයන් තුන්දෙනෙකු සමග විල්පත්තුව අභය භූමියේ පිහිටි පලු ගස්වල තිබු පලු කඩා අවසන් වනවාත් සමගම ආහාර සොයා පැමිණි වැලහින්නක් පහරදීම සිදුකර ඇති බවයි හෙළිවී ඇත්තේ.
අනෙක් තරුණයන් දෙදෙනාගේ ඝෝෂා කිරීම් සහ පහරදීම් හමුවේ පසුව වැලහින්න පැටවුන් සමග පළාගොස් තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

Shiran Viraj

බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

Shiran Viraj

කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- Timeout

Shiran Viraj
Translate »