mediahumanrights.lk
Local News News

වර්ග නොකළ කුණුවලට දඩ

කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය කර ඇති බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
බස්නාහිර පළාත් මහඇමැති කාර්යාලයේදී ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
නිසි ස්ථානවලට කුණු රැගෙන යාමේදී උද්ඝෝෂණ කරන්නන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මෙම කුණු ප්‍රශ්නය මාස තුනක් තුළ සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කරන බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

අන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…

Shiran Viraj

බලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවට

Shiran Viraj

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

Shiran Viraj