mediahumanrights.lk
Local NewsNewsPolitical

ලංකාව ඉදිරියටත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්

බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරිම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අතර සාකච්ඡාවකට ලක්ව තිබේ.
ජනාධිපතිවරයා සහ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අතර හමුවක් ඊයේ(15)  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.
මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, මහචාර්ය පූජ්‍ය ගැල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ආගමික අධ්‍යාපනය සඳහා ගුරුවරුන් බඳවා ගැනිම ත්‍රිපිටක ග්‍රන්ථ මාලා සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැරිම පුස්කොල පොත් සංරක්ෂණය ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

Shiran Viraj

5000 දීමනාව තම ලයිස්තුවට දෙන්නැයි පුංචි මන්ත‍්‍රීන් ග‍්‍රාම සේවිකාවට කුණුහරුපෙන් බනිති.. පොලිසි යයි..

Shiran Viraj

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Shiran Viraj
Translate »