2026-01-22
mediahumanrights.lk
Local NewsNewsPolitical

ලංකාව ඉදිරියටත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්

බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරිම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අතර සාකච්ඡාවකට ලක්ව තිබේ.
ජනාධිපතිවරයා සහ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය අතර හමුවක් ඊයේ(15)  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.
මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, මහචාර්ය පූජ්‍ය ගැල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ සහ ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ආගමික අධ්‍යාපනය සඳහා ගුරුවරුන් බඳවා ගැනිම ත්‍රිපිටක ග්‍රන්ථ මාලා සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැරිම පුස්කොල පොත් සංරක්ෂණය ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Shiran Viraj

මුතුරාජවෙලට කසළ බැහැර කිරීමට අගරදගුරුගේ විරෝධය

Shiran Viraj

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

Shiran Viraj
Translate »