28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම

සුවහසක් සංගීත ලෝලීන්ගේ සිත් කඳුලින් තෙත් කොට සදාදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගියදා අප අතරින් සදහටම සමුගත්තා. මිය යන විටත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි සිටියේ. ප්‍රින්ස්ගේ බෙහෙත් හේත් වෙනුවෙන් එම රෝහලේ සෑහෙන ලොකු බිලක් තිබෙනවා. මුදල්වලින් කිව්වොත් ලක්ෂ විසි පහක් විතර. එම රෝහලේ අධ්‍යක්ෂතුමන් කලාවට සබැඳි කෙනෙක් නිසා එම මුදල මසක් ඇතුළත ගෙවීම පෙරොන්දුව පිට ප්‍රින්ස්ගේ දේහය පවුලේ අයට ලබා දුන්නා. මියගිය අයත් විකුණගෙන කන මෙවන් වූ යුගයක එතුමා කළ උපකාරය නම් අගය කළ යුතුයි. ප්‍රින්ස්ගේ සොහොයුරිය මේ වන විට එම මුදල හැකි අන්දමින් පියවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අතර අපට තවත් අගය කළ හැකි කාර්යයක් සහ කලාකරුවෙකු ගැන ආරංචි වුණා. මේ කෙනා තමයි කීර්ති පැස්කුවල්. ගායක ගායිකා සංගමයේ වර්තමාන සභාපතිවරයා වන්නේත් ඔහු. ප්‍රින්ස් නමැති තම මියගිය සහෘදයාගේ රෝහල් බිල පියවීමේ අරමුණ ඇතුව මහඟු සද්කාර්යයකට අතගහලා. එළඹෙන ජුලි මසදී කීර්ති දැවැන්ත සංගීතමය ප්‍රසංගයක් සංවිධානය කරනවා. ඒ සඳහා ගායක ගායිකාවන් විසි පස් දෙනෙක් සසහභාගී වෙනවා. ආදරණීය ප්‍රින්ස් තමයි එහි නම. මෙමඟින් ලැබෙන සියලුම මුදල් කීර්ති වැය කරන්නේ ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමීම සඳහා. කීර්ති කරන්නට හදන මේ උතුම් ක්‍රියාව අතිශය සාර්ථක වෙන්නත් කියලා පතනවා.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)සුවහසක් සංගීත ලෝලීන්ගේ සිත් කඳුලින් තෙත් කොට සදාදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගියදා අප අතරින් සදහටම සමුගත්තා. මිය යන විටත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි සිටියේ. ප්‍රින්ස්ගේ බෙහෙත් හේත් වෙනුවෙන් එම රෝහලේ සෑහෙන ලොකු බිලක් තිබෙනවා. මුදල්වලින් කිව්වොත් ලක්ෂ විසි පහක් විතර. එම රෝහලේ අධ්‍යක්ෂතුමන් කලාවට සබැඳි කෙනෙක් නිසා එම මුදල මසක් ඇතුළත ගෙවීම පෙරොන්දුව පිට ප්‍රින්ස්ගේ දේහය පවුලේ අයට ලබා දුන්නා. මියගිය අයත් විකුණගෙන කන මෙවන් වූ යුගයක එතුමා කළ උපකාරය නම් අගය කළ යුතුයි. ප්‍රින්ස්ගේ සොහොයුරිය මේ වන විට එම මුදල හැකි අන්දමින් පියවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ අතර අපට තවත් අගය කළ හැකි කාර්යයක් සහ කලාකරුවෙකු ගැන ආරංචි වුණා. මේ කෙනා තමයි කීර්ති පැස්කුවල්. ගායක ගායිකා සංගමයේ වර්තමාන සභාපතිවරයා වන්නේත් ඔහු. ප්‍රින්ස් නමැති තම මියගිය සහෘදයාගේ රෝහල් බිල පියවීමේ අරමුණ ඇතුව මහඟු සද්කාර්යයකට අතගහලා. එළඹෙන ජුලි මසදී කීර්ති දැවැන්ත සංගීතමය ප්‍රසංගයක් සංවිධානය කරනවා. ඒ සඳහා ගායක ගායිකාවන් විසි පස් දෙනෙක් සසහභාගී වෙනවා. ආදරණීය ප්‍රින්ස් තමයි එහි නම. මෙමඟින් ලැබෙන සියලුම මුදල් කීර්ති වැය කරන්නේ ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමීම සඳහා. කීර්ති කරන්නට හදන මේ උතුම් ක්‍රියාව අතිශය සාර්ථක වෙන්නත් කියලා පතනවා.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)

Related posts

කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…

Shiran Viraj

කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේ

Shiran Viraj

කෑම වේලට ලුණු මදි යැයි කියා බිරිය මැරූ පාපතර සැමියාට අත්වූ ඉරණම..

Shiran Viraj