26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මහජනතාවට ඩෙංගුත් අනී දොස්තරලත් අනී – අද උදේ සිට රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්

සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 08.00 සිට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තිරණය කර තිබෙනවා.
එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දහවල් පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මෙම වර්ජනය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවයි. ඒ අනුව මෙතෙක් වර්ජනය අවසන් කෙරෙන දිනයක් හෝ වේලාවක් තීරණය කර නොමැති බවද සඳහන් කළා.
ඩෙංගු වසංගත තත්වයක් රට පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන අවස්ථාවක මෙවැනි වැඩ වර්ජනයක් සිදු කිරීමෙන් ඩෙංගු රෝගීන්ට සිදු වන බලපෑම සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.
එහිදී සඳහන් කෙරුණේ වෙනදා මෙන් සියලු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වෙන බවත් ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා රෝහල් තුළ වර්ජනය සිදු නොකෙරෙන බවයි. කෙසේවෙතත් වර්ජනය ක්‍රියාත්මක කෙරෙන රෝහල් තුළත් හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද සඳහන් කෙරුණා. ඒ අනුව ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම්ද හදිසි කටයුතු ලෙස සළකනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

Shiran Viraj

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රිමාන්ඞ්

Shiran Viraj

උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

Shiran Viraj
Translate »