24.5 C
Colombo
2025-12-16
mediahumanrights.lk
Local NewsNews

බුලත්සිංහල තවත් නායයාම් අවදානමක් – පවුල් 22ක් ඉවත් කෙරේ

කළුතර බුලත්සිංහල තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක් හේතුවෙන් ඒ අවට පදිංචි පවුල් කිහිපයක් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව පවුල් 22ක පුද්ගලයින් ඉන් ඉවත් කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර දිස්ත‍්‍රික්ක 07ක් සඳහා වන නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක‍්‍රියාත්මක බව එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළා.
මේ අතර අද දිනයේ ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

Shiran Viraj

20,000ක් වැඩි කරනු.. රාජ්‍ය සේවකයන් රට පුරා විරෝධතා..

Shiran Viraj

GMOA රට පුරා වර්ජනයක් කැදවයි..

Shiran Viraj
Translate »