25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසක් නැවත කැඳවීම සම්බන්ධයෙන් අද  පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ අදාළ තීරණය ගෙන ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් පසුව බවයි.
හිටපු ජනාධිපතිවරයාට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 26 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 229 දෙනෙකු ආරක්ෂාවට යොදවා සිටි බව අමාත්‍යවරයා පැවසුවේය.
ආරක්ෂක සමාලෝචනයට අනුව අත්‍යවශ්‍ය නොවන නිලධාරීන් පිරිසක් පමණක් යළි කැඳවා ඇති බව සාගල රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඊට පෙර හිටපු ජනාධිපතිවරුන් සහ විශේෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් ද කලින් කලට සිදු කෙරෙන සමාලෝචන අනුව ආරක්ෂාවට සපයා ඇති නිලධාරීන්ගේ සංඛ්‍යාව අඩු වැඩි කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Shiran Viraj

හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…

Shiran Viraj

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj
Translate »