mediahumanrights.lk
Local NewsNews

බැඳුම්කර වෙන්දේසියට හේතුව විගණකාධිපති හෙළි කරයි

අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයිද රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ අද  (13) බැඳුම්කර කොමිසම හමුවේ පවසා තිබෙනවා.
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් හැර මුදල් සොයා ගැනීමට රජයට වෙනත් ක‍්‍රම රාශියක් ඇති බවද රාජ්‍ය වියදම් අඩුකර ගැනීම මඟින් ඉල්ලන ණය මුදල් අඩුකර ගැනීමට රජයට හැකියාව ඇති බවද මෙහිදී පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Shiran Viraj

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුදමය විකල්ප පවා සලකා බලන බව ධවල මන්දිරය පවසයි

Shiran Viraj

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

Shiran Viraj
Translate »