28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

බැඳුම්කර වෙන්දේසියට හේතුව විගණකාධිපති හෙළි කරයි

අයවැය ඉක්මවා ගිය රාජ්‍ය වියදම් නිසා රජයට මේ ආකාරයට බැඳුම්කර වෙන්දේසි මඟින් මුදල් සොයා ගැනීමට සිදුව ඇතැයිද රජයේ වියදම් අඩුකර ගත්තා නම් මේ තත්ත්වය උද්ගත වීමට ඉඩ නොතිබුණා යැයිද රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ අද  (13) බැඳුම්කර කොමිසම හමුවේ පවසා තිබෙනවා.
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් හැර මුදල් සොයා ගැනීමට රජයට වෙනත් ක‍්‍රම රාශියක් ඇති බවද රාජ්‍ය වියදම් අඩුකර ගැනීම මඟින් ඉල්ලන ණය මුදල් අඩුකර ගැනීමට රජයට හැකියාව ඇති බවද මෙහිදී පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

Shiran Viraj

'ටුක් ටුක්' එකට බිලක්‌ දෙන නීතිය හෙට සිට

Shiran Viraj

මන් තාම සොයනවා ගීතය සමගින් කරලියට ආ මධුර ලාලක

Shiran Viraj
Translate »