28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර පැවති ආපදා තත්ත්වය මත වසා දැමුණු බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
දකුණු පළාතේ අවතැන්වූවන් රැදී සිටින පාසල් 10ක් සහ හානියට ලක්වූ පාසල් 29ක් අද දිනයේ විවෘත නොකරන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම, සබරගමුව පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින පාසල් 15 ක් හැර පළාතේ සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙනවා.
කෙසේ වෙතත්, අද දිනයේදී විවෘත නොකෙරෙන ඇලපාත, අයගම, නිවිතිගල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පාසල් 14 හෙට දිනයේ දී විවෘත කිරීමට නියමිතයි.
අවතැන් කදවුරු සදහා සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් යොදා ගැනෙන පාසල් ඉදිරියේදී ආරම්භ කිරීම පිළිබදව බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇති අතර ආපදා හේතුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි පරිදි හානි වී ඇති පාසල්වල කටයුතු ආසන්නතම පාසල්වලට අනියුක්ත කිරීමේ බලයද ඔවුන්ට පවරා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Shiran Viraj

කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…

Shiran Viraj

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට

Shiran Viraj