27.8 C
Colombo
2026-08-08
mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයි

අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර පැවති ආපදා තත්ත්වය මත වසා දැමුණු බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
දකුණු පළාතේ අවතැන්වූවන් රැදී සිටින පාසල් 10ක් සහ හානියට ලක්වූ පාසල් 29ක් අද දිනයේ විවෘත නොකරන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එමෙන්ම, සබරගමුව පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින පාසල් 15 ක් හැර පළාතේ සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙනවා.
කෙසේ වෙතත්, අද දිනයේදී විවෘත නොකෙරෙන ඇලපාත, අයගම, නිවිතිගල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පාසල් 14 හෙට දිනයේ දී විවෘත කිරීමට නියමිතයි.
අවතැන් කදවුරු සදහා සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් යොදා ගැනෙන පාසල් ඉදිරියේදී ආරම්භ කිරීම පිළිබදව බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇති අතර ආපදා හේතුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි පරිදි හානි වී ඇති පාසල්වල කටයුතු ආසන්නතම පාසල්වලට අනියුක්ත කිරීමේ බලයද ඔවුන්ට පවරා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Shiran Viraj

මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්

Shiran Viraj

CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…

Shiran Viraj
Translate »