2026-01-24
mediahumanrights.lk
Local NewsNews

බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙහි එන්ජිම ගැලවෙයි – ඡායාරූප

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය මැදිරිවලින් ගැලවී එහි එන්ජිම අඩි 30ක් පමණ ඉදිරියට ධාවනය වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ හැටන් – සිංගිමලේ උමං මාර්ගය අසළ දී අද පස්වරුවේ මෙලෙස දුම්රියේ එන්ජිම ගැලවී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, සිද්ධියෙන් දුම්රියෙහි ගමන් ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.
මැදිරිවලින් වෙන් වූ එන්ජිම පසුව නැවතත් එක් කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම දුම්රිය යළි ගමන් ආරම්භ කිරීමෙන් පසු නැවතත්, දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Shiran Viraj

ඇයත් සචිනි මමත් සචිනි

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

Shiran Viraj
Translate »