26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

පන්සලේ බෑග් සොරකම CCTV කැමරාවේ

ගැටඹේ රාඡෝපවනාරාම විහාරස්ථානයේ වන්දනා මාන සඳහා පැමිණෙන පිරිස්වල ගමන් මලු සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බව පේරාදෙණිය පොලිසිය පවසනවා.
ඊයේ (23)  පැමිණි කාන්තාවකගේ ගමන් මලුව සොරාගන්නා ආකාරය ද විහාරස්ථානයේ සවිකොට ඇති සී.සී.ටී.වී. දර්ශන තුළ අන්තර්ගතව ඇති බවයි පොලිසිය පෙන්වා දුන්නේ.
ගමන් මලු තබන ස්ථානයේ තම  මලු තබා විහාරයට පැමිණ  වන්දනා මාන කරන අතර  එය සොරෙකු විසින් පැහැරගෙන ඇති බව එම කාන්තාවන් දෙදෙනා පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
එම ගමන් මලු සොරා ගන්නා අවස්ථාවේ සී.සී.ටී.වී. දර්ශන මගින් ලබාගත් ඡායාරූප පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

අයවැය හිගය පියවීමට සුදුසුම ක්‍රමය හොරකම් කළ මුදල් නැවතත් රටට ගෙන්වා ගැනීමයි…

Shiran Viraj

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි

Shiran Viraj

95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්

Shiran Viraj
Translate »