mediahumanrights.lk
Local News News

ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයි

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා. ඒ, ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේයි.
උදෑසන 9 යි 30 සිට 10යි 30 දක්වා වූ පැයක කාල සීමාව තුළ මෙම ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එලෙස පිරිසිදු කෙරෙන නිවාස, රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත‍්‍රිවිධ හමුදා සාමාජික කණ්ඩායම් පැමිණෙනු ඇති. ඩෙංගු මදුරු කීටයන් හමුවන පරිශ‍්‍ර දුමායනය කිරීම ද මේ යටතේ සිදු කෙරෙනවා.
මීට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

දුරකතන මගින් කරදර කරන අයට නීතියෙන් දඩුවම්

Shiran Viraj

ඇදවැටී ඇති ක්‍රිකට් ගොඩ දාන වගකීම අකිලත් භාර ගනී

Shiran Viraj

ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…

Shiran Viraj