mediahumanrights.lk
Local News News Political

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑ

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දැමීමේ සූදානමක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ඡන්ද ලේඛන සකස් කිරීම ඇතැම් ප්‍රදේශවල දුෂ්කර වුව ද එය ඉදිරියේ දී යථා තත්ත්වයට පත් වනු ඇති බවය.
හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් වුවහොත් නව ඡන්ද හිමි නාමලේඛනයක් ඉදිරිපත් කළ යුතු බැවින් අදාළ කටයුතු සැලසුම් කළ පරිදි සිදුකළ කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා රත්නපුර නගරයේ පැවති වැඩසටහනකින් අනතුරුව සඳහන් කළේය.

Related posts

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌

Shiran Viraj

දිස්ත්‍රික් 25ම කොරෝනා – වෛද්‍ය හරිත අලූත්ගේ

Shiran Viraj

ජර්මනිය එක්සත් කළ අපූරු නායකයා දැයෙන් සමුගනී

Shiran Viraj