mediahumanrights.lk
Local NewsNewsPolitical

ග්ලයිෆොසෙට්‌ යළි ගෙන්වන්න දෙන්නේ නෑ – රතන හිමි

තේ කර්මාන්තයට මුවා වී , තහනමට ලක්‌කර ඇති ග්ලයිෆොසෙට්‌ වල් නාශක යළි ගෙන්වීමට ගන්නා උත්සහය වැලැක්‌වීමට කළ හැකි උපරිම දේ සිදු කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (19 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
මහා පරිමාණ තේ කර්මාන්තකරුවන් සඳහා පමණක්‌ ග්ලයිෆොසෙට්‌ පොහොර ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වන බව උන්වහන්සේ කියා සිටියේය.
මේ සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැතිවරයා කිසිසේත් ඉඩ නොදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව උන්වහන්සේ පවසා සිටියේය.
පොහොර සමාගම් හා බලවතුන් ගේ වැඩක්
ග්ලයිෆොසෙට්‌ නොමැතිව වී ගොවිතැන සිදුකළ හැකි බව අද තහවුරු වී තිබෙන බවද තේ කර්මාන්තයට ද මෙම වල් නාශක අවශ්‍ය නොවන බවද පැවසූ උන්වහන්සේ මෙම පොහොර ගෙන්වීමේ පිටුපස පොහොර සමාගම් හා බලවතුන් සිටින බව කීහ.
තේ කර්මාන්තය තුළ මහ පරිමාණ තේ වතු හිමිකරුවන් සිටිනුයේ සියයට 40 ක්‌ බවද එයින් ලැබෙන ආදායම සියයට 25 ක්‌ බවද කී රතන හිමියන් සියයට 60 ක්‌ වන කුඩා තේ කර්මාන්තකරුවන් වැඩි ආදායමක්‌ රටට ලබා දෙන බවත් සඳහන් කර සිටියේය.
මහ වතු සමාගම්වලට තේ කර්මාන්තය නිවැරැදිව කරගෙන යා නොහැකි නම් යළි ඒවා නිවැරැදි පාලනයකට හෝ කළමනාකරණයකට යටත් කළ යුතු බවද රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
(under the courtesy of srilankamirror news web)

Related posts

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

Shiran Viraj

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාව

Shiran Viraj
Translate »