2026-07-07
mediahumanrights.lk
Local NewsNews

මව ඝාතනය කර හදවත ආහාරයට ගත් සිත්පිත් නැති අජාසත් පුත්‍රයා

තම මව ඝාතනය කර ඇයගේ හදවත ආහාරයට ගත් පාපතර පුතෙකුගේ හදවත් කම්පාකරවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සංවේදී සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අදාළ අමානුෂික ඝාතනය සිදුකළ 27 හැවිරිදි පුත්‍රයා තිදරු පියෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
ඔහුගේ බිරිඳ දරුවන් සමඟ ඇයගේ මවගේ නිවසට ගොස් වාසයකරන බවයි  වාර්තා වන්නේ.
ඔහු පසුගිය දිනක අධික ලෙස බීමත්ව පැමිණ අසල්වැසි නිවසකට ගොස් ආහාරයට යමක් ඉල්ලා තිබෙනවා.
එම අවස්ථාවේ ඔහුට ලබාදීමට ආහාර නොමැති බව පැවසීමත් සමඟ ඔහු කේන්තියෙන් නැවත තම නිවසට පැමිණ ඇති බවයි හෙළිවී ඇත්තේ.
අනතුරුව ඔහු තම මව පිහියකින් ඇන අමානුෂිකව ඝාතනය කර තිබෙනවා.
සිත්පිත් නැති මෙම අජාසත් පුත්‍රයා විසින් මවගේ හදවත සිරුරෙන් වෙන්කර එය පිඟානකට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අනතුරුව ඔහු විසින් චට්නි සහ ගම්ම්රිස් සමඟ මවගේ හදවත ආහාරයට ගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
පසුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
(under the courtesy of adaderana news web)

Related posts

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Shiran Viraj

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

Shiran Viraj

තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයි

Shiran Viraj
Translate »