mediahumanrights.lk
Local News News

ඛනිජ තෙල් වෘත්තීය සමිති වෙතින් රතු එළියක්

ත්‍රීකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය විදේශ සමාගම්වලට පැවරීමට සිදු කර ඇති සැලසුම්වලට එරෙහිව ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසයි.
එහි කැඳවුම්කර ඩී.ජේ රාජකරුණා මහතා කියා සිටියේ එම සංගමයේ විධායක සභාව ලබන සතියේ රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.
අදළ ගැටළුවලට විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස බලකරමින් විෂය බාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ද ලබාදි ඇති බව ඔහු සඳහන් කළේය.
අදාළ වාර්තාව ලබාදි සතියක් ගතවී ඇතැත් රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඩි.ජේ රාජකරුණා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ගමට කෝටියක් වැඩසටහනෙන් ව්‍යාපෘති 117ක්

Shiran Viraj

21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

Shiran Viraj

යාපනයේ එළවළු දඹුල්ලට

Shiran Viraj