30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Sports Sports News

ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම්

ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්ව ලබාදී තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමේ වරම ද ඔවුන්ට හිමි වනු ඇති.
ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමේ වරම හිමි වීමත් සමග ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන මුළු රටවල් ගණන 12ක් වී තිබෙනවා.
එංගලන්තයට සහ  ඕස්ටේ‍්‍රලියාවට ටෙස්ට් වරම් හිමිවූයේ 1909 වසරේදීයි. දකුණු අප‍්‍රිකාවට ද එම වසරේදීම ටෙස්ට් වරම් හිමි වූ අතර කලක් එම අවස්ථාව අහිමි වී තිබී නැවත 1991 දී ඔවුන්ට ටෙස්ට් වරම් හිමි වුණා.
බටහිර ඉන්දීය කොදෙව්වන්ට, නවසීලන්තයට සහ ඉන්දියාවට ටෙස්ට් වරම් හිමි වූයේ 1926 වසරේදීයි. පකිස්තානයට 1952 වසරේ දී ද, ශ‍්‍රී ලංකාවට 1981 වසරේ දී ද ටෙස්ට් වරම් හිමි වුණා. සිම්බාබ්වේට ටෙස්ට් වරම් හිමි වුණේ 1992දීයි. බංග්ලාදේශයට 2000 වසරේ දී ටෙස්ට් වරම් හිමි වුණා.
ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ද ටෙස්ට් වරම් ලබාදීමට අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සියල තීරණය කර ඇත්තේ එම රටවල ක‍්‍රිකට් පාලක මණ්ඩලයන් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් සලකා බලමින්.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දියාව එක්දින තරඟ ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පොත් අලුත් කරයි

Shiran Viraj

ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

Shiran Viraj

බිරිද ඩිසයින් කරන සාරි විකුණන්න අමිල තැනක්‌ හොයනවා…

Shiran Viraj