mediahumanrights.lk
International NewsNews

රේගු නිළධාරීන් විසින් පරවියෙක් අල්ලයි – මවිත වන හේතුව මෙන්න

අතීතයේ සිටි මිනිසුන් පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කළා. ඒ පැරණි පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයන් ගිලිහී ගියේ නව තාක්ෂණයේ දියුණුවත් සමගයි.
මෙහෙම පණිවිඩ හුවමාරු කරගත් එක් විදියක් තමයි පක්ෂීන් යොදාගැනීම. ඒ අතරින් පරවියාට හිමිවුනේ සුවිශේෂී ස්ථානයක්.
එහෙත් එදා එහෙම පණිවිඩ හුවමාරු කරගත් මේ අහිංසක සත්වයා අද වනවිට විවිධ සාපරාධී අරමුණු වෙනුවෙන් යොදාගන්නා බවට පෙනෙන්නට තිබෙනවා.
අපි මේ කියන්න යන්නේ එවැනි පුවතක්.
ඉරාක දේශ සීමාවේ සිට පියාඹා එන,ශරීරය වටා පටියක් බැඳ තිබූ පරවියෙකු ගැන අල්-අබ්ඩිල්ලි දේශ සීමා පිවිසුම් ස්ථානයේ රාජකාරි වල නිරතව සිටි රේගු නිළධාරීන්ට සැක සිතී ඇති අතර රේගු නිලධාරීන් පරවියා ගමන් ගන්නා මාර්ගය කීප වතාවක් නිරීක්ෂණය කරමින් කුමන ස්ථානයකට පියඹා යනවා දැයි පරීක්ෂා කර තිබෙනවා.
පියාඹා ගෙන ගොස් පරවියා නිවාසයක වහලයක් මත නතර වී ඇති අතර රේගු නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා පරවියා අල්ලාගෙන තිබෙනවා.
අල්ලාගත් පරවියා පරීක්ෂා කිරීමේදි, පරවියාගේ ශරීරය වටේ පටිවලින් ගැට ගසන ලද කුඩා කවරයක සඟවන ලද ඇම්පෙටමින් පෙති 178ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් හැකි වී ඇති බවත් වාර්තා වනවා.
වැඩිදුර කරුණු සොයා ගැනීම සඳහා රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..

Shiran Viraj

ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයි

Shiran Viraj

පිළියන්දල වෙඩි වරුසාවෙන් මිය ගිය 'දියණියගේ පියාට එරෙහිව' තැන තැන කියන කුඩු කතාව

Shiran Viraj
Translate »