2026-08-04
mediahumanrights.lk
Local NewsNews

යුද හමුදා කාන්තා බළකා කඳවුරේදී මියගිය කෝප්‍රල්වරියගේ මරණය සැකයිලු

පසුගිය 21 වනදා රාත්‍රී 8ට පමණ බොරැල්ල යුද හමුදා කාන්තා බලකා කඳවුරේදී කෝප්‍රල්වරියක් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා.
ඇය සූරියවැව විහාරගල පන්සිය පනහ පදිංචි පහළගේ අයේෂා මදුමාලි (24) නමැති තරුණියක් බවට වාර්තා වුණු අතර මේ වන විට ඇයගේ මරණය සැක සහිත බව ඇයගේ පවුලේ ඥතීන් පවසා තිබෙනවා.
ඉකුත් 21 වැනි දින රාත්‍රී 8.00 ට පමණ මියගිය කෝප්‍රල්වරියගේ දේහය කොළඹ ප්‍රදේශයේ මල් ශාලාවක සිට පෙරේදා (23) සූරියවැව විහාරගල පිහිටි ඇයගේ නිවසට රැගෙන ආ අතර එහිදී ඥතීන් මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් පැවසුවේ තම දියණියගේ මරණය සැක සහිත බවයි.
පසුගිය සිංහල අලුත් අවුරුද්දට දුව නිවසට පැමිණි බවත් ඊට අමතරව පසුගිය 21 වැනි ඉරිදා දහවල් ඇයගෙ යෙහෙළියක්‌ දුරකතන ඇමතුමක්‌දී අයේෂා අඬන බව පැවසූ බවත් ඇගේ මව පවසනවා.
අයේෂාගේ මව මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ මෙලෙසින්.
”යුද හමුදා කඳවුරේදී තමන්ට නිතර නිතර ගැටලු තිබූ බවත් විවිධ ඉහළ නිලධාරීන්ගෙන් තමන්ට අයුතු යෝජනා ආ බවත් දුව මට කියලා තියෙනවා. මම කිව්වා දුවේ හමුදාවෙන් අයින් වෙලා ගෙදර වරෙන් කියලත්. නමුත් දුව කිව්වා අවුරුදු 05ක්‌ වෙනකම්වත් ඉන්න ඕනේ කියලා. අවුරුදු 05 ක්‌ වෙන්න දුවට තිබුණේ තව අවුරුද්දක්‌ වගේ කාලයක්‌ විතරයි. අවුරුදු පහ ඉවර වෙලා ගෙදර නවතින්න එනවා කියලා කිව්ව දුව මේ විදියට පෙට්‌ටියෙන් ඒවි කියලා මං කවදාවත් හිතුවේ නැති බව ඇය පැවසුවා. රට වෙනුවෙන් හමුදාවට බැඳුණු මගේ දුව අභිරහස්‌ විදියට මැරිලා තියෙනවා. අඩුම තරමේ යුද හමුදා ඇඳුමවත් මිනියට අන්දලා නෑ. මිනිය ගෙදරට බාරදෙන්නවත් හමුදාවෙන් ආවේ නෑ. රට වෙනුවෙන් හමුදාවට ගිය දුව ගෙදර ආවේ කාත් කවුරුවත් නැතිව පාරක තොටක වැටිලා හිටිය හිඟන්නියක්‌ විදියටයි. ජනාධිපතිතුමාගෙන් මං ඉල්ලන්නේ මගේ දුවට මේ සිදුවුණු අපරාධය පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියලයි.
(under the courtesy of adaderana news web)

Related posts

සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් එකවර සිනමා පටයකට තෝරා ගැනෙයි

Shiran Viraj

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj

මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..

Shiran Viraj
Translate »