26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

බිම් මහල ගංවතුරෙන් පිරෙද්දි උඩු මහලේ එකම පවුලේ 4 ක් නොඑන ගමන් ගිය නෙළුවේ ඛේදවාචකය- Photos

අම්මායි තාත්තායි දරු දෙදෙනායි එකට මියයති
කඩේ එක ජනේලයක්‌වත් නෑ
බේර ගන්න ගිය පිරිසත් සිහිසුන් වෙලා
රොටුඹ ඌරව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක 26 වැනිදා රාත්‍රි එකම පවුලේ සිවු දෙනකු හදිසියේ මරුමුවට පත්ව තිබුණා.
ව්‍යාපාරික ස්‌ථානයේ ක්‍රියාත්මක කර තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් නැගුණ විෂ වායුව ආඝ්‍රාහණය වීමෙන් මෙම මරණ සිදුවී ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙසේ මියගොස්‌ ඇත්තේ ඌරව ප්‍රදේශයේ පදිංචිව සිටි තොග වෙළෙඳ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනු ලැබූ එම්. කේ. උපුල් (45) යන අය සහ ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා වන ශිරානි (42), පුතා රොෂාන් රහිරු (23), දුව ධනුෂි රශ්මිකා (16) යන අයයි.
ප්‍රදේශය පුරා පැවැති ගංවතුර නිසා ව්‍යාපාරික ස්‌ථානයේ ඔවුන් පදිංචිව සිටි පහත මාලය ජලයෙන් යටවී ඇත. එබැවින් ඉහළ මාලයේ ව්‍යාපාරික ස්‌ථානයට නිදා ගැනීමට ඔවුන් ගොස්‌ ඇතැයි වාර්තා වේ. විදුලිය විසන්ධිවීම නිසා එහි විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳගේ සොහොයුරා මෙම වෙළෙඳ සැලේ චාර්ඡ් කිරීමට දී තිබූ තම ජංගම දුරකථනය රැගෙන යැමට පැමිණි මුත් වෙළෙඳ සල වසා තිබීම නිසා සීනුව නාද කර ගෙහිමියන්ට අඬ ගසා ඇත.එ හෙත් කිසිදු ප්‍රතිචාරයක්‌ නොවූයෙන් සැක සිතී තවත් තරුණයන් දෙදෙනකු සමඟ දොරගුළු කඩා ඇතුළුව තිබුණා.
කවුළු කිසිවක්‌ නොමැති වීදුරු ගසා ඇති මෙම වෙළෙඳ සැල තුළට ඔවුන් ඇතුළු වෙද්දී එම විෂ වායුව ආඝ්‍රාහනය වීමෙන් ඔවුන්ද සිහිසුන් වීම නිසා ප්‍රදේශවාසීන් විසින් ඌරුබොක්‌ක රෝහලට ඇතුළු කර තිබෙනවා.
ඔවුනගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (PHOTOS)

Shiran Viraj

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

Shiran Viraj

නව වසර උදාවත් සමඟ නවගමුව, මරදන්කේණි සහ අගලවත්ත ප්‍රදේශවලින් ඝාතන සිද්ධීන් වාර්තා වෙයි

Shiran Viraj
Translate »