mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන කණගාටු වෙනවා

යෝජිත ත්‍රස්ත විරෝධී පනතට සම්බන්ධ ප්‍රතිපත්ති හා නීතී රාමුවක් සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තම පක්ෂයෙන් කිසිඳු විමසීමක් සිදු කර නොමැති බවයි.
සිවිල් ජනතාවගේ නිදහස සීමා කෙරෙන රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය තුළ පවතින අධීකරණය පාලනය බිදී යන සහ අපරාධ හා වද හිංසා සඳහා වැඩි හැකියාවක් ලබා දෙන එම පනතේ ඇතැම් කොටස් සම්බන්ධයෙන් කම්පනයට ලක් වූ බව එම නිවේදනයේ දැක්වෙයි.
ත්‍රස්ත ක්‍රියා වැලැක්වීම සහ ඊට දඩුවම් දෙන නීත්‍යානූකූල ක්‍රමවේදයක් සඳහා සහයෝගය ලබාදීමට තම සන්ධානය කැපව සිටින බව සුමන්තිරන් මහතා පවසයි.
ඒ සඳහා තම පක්ෂය පාර්ලිමේන්තුවේදී මේ වන තෙක් කටයුතු කළ බවත් එසේ තිබියදී ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මහනුවරින් දිලුම් පළමු තැනට

Shiran Viraj

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Shiran Viraj

බැඳුම්කර කොමිසමට දුන් සාවද්‍ය තොරතුරුත් හෙළි කරගෙන

Shiran Viraj
Translate »