24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

වැසිකිළියට ගිය කාන්තාව දෙසට එබිකම් කළ නරුමයෙක් නිසා ගමේ තරුණයෙකුට වන්දි ගෙවන්න වෙලා

කාන්තාවක් වැසිකිලියට ගිය පසු එම වැසිකිලියට එබිකම් කළ අවුරුදු 50 ක් පමණ වයසැති අයෙකුට අසල්වැසි තරුණයෙකු සිදු කළ පහරදීමකින් ඔහු මරණයට පත්වී තිබෙනවා.
කෑගල්ල මූලස්ථාන පොලිසියට මේ පිළිබඳ සිද්ධිය වාර්තා වී තිබෙනවා.
අද (25) උදෑසන 119 පොලිස් හසිදි ඇමැතුම් අංකයට ලැබුණු පණිවිඩයකින් කියවි ඇත්තේ අඹන්පිටිය පරදෙනිය මාර්ගයට ආසන්න ස්ථානයක මුස්ලිම් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ගම්මානයේම 19  හැවිරිදි තරුණයෙකු පොලිසියට භාර වි ඇති අතර පසුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
මෙම මිය පුද්ගලයා කාන්තාවන්ගේ යට ඇදුම් සොරකම් කිරීම්, කාන්තාවන් නාන තොටවල් සහ ලිං අසල සොරෙන් සැඟවි බලා සිටිම වැනි ක්‍රියාවන් සිදු කර ඇති අයෙක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙම පුද්ගලයා, වැසිකිලියකට ගිය කාන්තාවගේ ක්‍රියාවන් නිරික්ෂණ කරමින් අසභ්‍ය ලෙස හැසිරෙනු දැක ඊට හදිසි අවේගයක් ඇති කර ගත් තරුණයා විසින් ඔහුට සිදු කරන ලද පහර දීමක් නිසා මිය ගිය බව පොලිසියට දැනට ලැබි ඇති තොරතුරු අනුව පැහැදිලි වන බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.
තරුණයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් මිය යන්නට පහර දිමක් සිදු නොකරන ලද බවයි. පාදවලට පමණක් පහර දුන් බව ද ඔහු කියා තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් මෙම ක්‍රියාව සිදු කළේද නැතිනම් වෙනත් අයෙකු සිදු කර පහර දීමක් නිසා මිය ගියේද යන්න සොයා බැලිම සඳහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

Shiran Viraj

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Shiran Viraj

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Shiran Viraj
Translate »